ඉන්දියාවේදී පැවති ලෝක මලල ක්‍රීඩා මහාද්වීපික සංචාරයට අයත් ලෝකඩ කාණ්ඩයේ තරගාවලියේදී දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා.
එහිදී පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට රුමේෂ් තරංග සමත්වීම කැපී පෙනුණා.
ලෝක මලල ක්‍රීඩා මහාද්වීපික සංචාරයට අයත් ලෝකඩ කාණ්ඩයේ තරගාවලියේදී පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සහ සුමේධ රණසිංහ සහභාගි වුණා.
එහිදි මීටර 86 දශම 5ක දක්ෂතාවක් දැක්වූ රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම හිමිකගත්තේ ශ්‍රී ලංකා වාර්තාවද අලුත් කරමින්.
එම දක්ෂතාවත් සමග ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ සෘජු පරිසාධන මට්ටම සපුරමින් රුමේෂ් තරංගරුමේෂ් තරංග සමත්වුණා.
මීට පෙර පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ජාතික වාර්තාවේ හිමිකරුවූ සුමේධ රණසිංහට එම ඉසව්වේදී හිමිවූයේ ලෝකඩ පදක්කමයි.
සුමේධ ඊයේ තරගයේදී දැක්වූ දක්ෂතාව මීටර 80යි දශම 6යි 5ක්.
————-
මේ අතර කාන්තා හෙල්ලය විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම හිමිකරගැනීමට නදීෂා ලේකම්ගේ සමත්වුණා.
එහිදි ඇය දැක්වු දක්ෂතාව මිටර 54යි දශම 9යි 6ක් ලෙස සටහන් වුණා.
———
මේ අතර පිරිමි මීටර 100 ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගැනීමට චමෝද් යෝධසිංහ සමත්වුණා.
චමෝද් පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ අවසන් තරගයේදී වාර්තා කළ කාලය තත්පර 10යි දශම 4යි 3ක්.
———–
මේ අතර අතිශය තියුණු අවසානයකින් පසු පිරිමි මීටර 400 සහාය දිවිමේ ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
මෙම තරගාවලියේ පිරිමි මීටර 400 සහාය දිවීමේ ඉසව්ව සඳහා එක්වූයේ යොවුන් ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක්.
එම ඉසව්වේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ ඔමෙල් ද සිල්වා, සදෙව් රාජකරුණා,ඉනේෂ් දිස්මිත, කල්හාර ඉන්දූප සිල්වායි.
අවසන් යෂ්ටි හුවමාරුව වනවිටත් ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වන ස්ථානයේ පසුවුණු අයුරුයි මේ.
නමුත් අවසන් වටයේ ධාවනය යෙදුණු කල්හාර ඉන්දූප අවසන් මීටර 60දී දෙවන ස්ථානයේ පසුවූ ඉරාන ක්‍රීඩකයාත්, ප්‍රථම ස්ථානයේ පසුවූ ඉන්දීය ක්‍රීඩකයාත් අභිබවා යමින් සුපිරි අවසානයකින් පසු එම ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දීමට සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග නිමි කාලය දැක්වුණේ මිනිත්තු 3යි තත්පර 8යි දශම 2යි 2ක් ලෙසයි.
