ඉන්දියාවේ පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේදී ප්‍රබල හොංකොං කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
ඒ ලකුණු 24ට 19ක් ලෙසයි.
වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු වටයේ තරගයක් අද පැවැත්වුණේ ප්‍රබල හොංකොං කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතරයි.
තරගය ආරම්භයේ සිටම දෙපිලම තියුණු ක්‍රීඩා විලාශයක නිරත වුණා.
කෙසේ වෙතත් මෙම තරගයෙන් ලකුණු 24ට 19ක් ලෙස ජය වාර්තා කළේ ශ්‍රී ලංකාවයි.
ලෝක නව රග්බි නීති වෙනස් කිරීමට අනුව ඉතිහාසයේ පළමුවරට උත්සාහක දිනුමකට ලකුණු 7ක් හිමිවන ආකාරයක උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ ගයාන් පෙරේරා සමත්වුණා.
නව රග්බි නීතිවලට අනුව ගෝල කණු දෙකට පිටුපසි ඇඳ තිබෙන කහ පැහැති ඉරි දෙක අතර උත්සාහක දිනුමක් වාර්ථා කළහොත් ඊට ලකුණු 7ක් හිමිවනවා.
ශ්‍රී ලංකා යොවුන් පිල මෙහිදී ප්‍රබල හොංකොන් කණ්ඩායම පරාජය කිරීම මෙම තරගයේදී කැපී පෙනුනා.
