ෆෝමියුලා ත්‍රී තරගාවලියක් සඳහා සුදුසුකම් ලැබූ පළමු ලාංකිකයා බවට පත්වීමට ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් සමත්ව තිබෙනවා
ඒ 2026 තරග වාරය සඳහා යෙවාන් ඩේවිඩ් ඒ.අයි.එක්ස් රේසිං කණ්ඩායම සමග ගිවිසුම් ගතවීමත් සමඟයි.
18 හැවිරිදි යෙවාන් ඩේවිඩ් 2026 වසරේ Formula 3 ධාවන තරග වාරය වෙනුවෙන් ඒ.අයි.එක්ස්. රේසිං කණ්ඩායම සමග ගිවිසුම් ගතවී තිබෙනවා.
මෙලෙස Formula 3 තරග වාරය සඳහා සුදුසුකම් ලැබූ පළමු ලාංකිකයා වන්නේ යෙවාන්.
ඒ.අයි.එක්ස්. රේසිං කණ්ඩායම ජර්මනිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කරගෙන ඇති Formula 2 සහ Formula 3 තරගාවලි සඳහා ඉදිරිපත්වන කණ්ඩායමක්.
යෙවාන් ඩේවිඩ් මේ වනවිට පැවැත්වෙන 2025 Euroformula විවෘත ශූරතා තරගාවලියේ දෙවෙනි ස්ථානයේ පසු වෙනවා.
එහිදී තරග වට 15කදී, පළමු ස්ථානය සිව්වතාවක්, දෙවැනි ස්ථානය දෙවතාවක් සහ තුන්වැනි ස්ථානය 3 වතාවක් හිමි කරගැනීමට යෙවාන් සමත්වුණා.
