ජර්මනියේදී ශ්‍රී ලංකාව කෙලෙසූ තුන්පිම්ම ක්‍රීඩකයා

ලෝක මට්ටමේ තරගාවලි වෙනුවන් සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්, නිලධාරීන් තරගාවලිය අතරතුර කණ්ඩායම හැරයන සිදුවීම් මෑතකාලීනව වාර්තා වුණා.
මේ දිනවල ජර්මනියේ පැවැත්වෙන ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේ දී ද එවැනි සිදුවීමක් වාර්තා වී තිබෙනවා.
ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේ තුම්පිම්ම ඉසව්ව වෙනුවෙන් එක්වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ ක්‍රීඩකයෙකු මෙලෙසින් කණ්ඩායම හැරගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
තරගාවලියේ තුම්පිම්ම ඉසව්ව 25 වනදා එනම් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර පෙර දින රාත්‍රියේ සිට ඔහු පිළිබදව තොරතුරක් නොමැති බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *