ශ්‍රී ලංකා A – ඔස්ට්‍රේලියා A සිවුදින තරගය ජයපැරදුමෙන් තොරවෙයි

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා ඒ කණ්ඩායම සමඟ පැවති දෙවැනි සිව්දින තරගය ජය පරාජයෙන් තොරව ඊයේ අවසන් වුණා.

ඒ අනුව තරග දෙකකින් සමන්විත සිව්දින තරග දෙකම අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි.
ඩර්වින් හී පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා ඒ නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 485ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටවනු ලැබුවා.

සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ පවන් රත්නායක ලකුණු 122ක් සහ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 102ක් රැස්කළා.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 4ක් දැවී ලකුණු 558ක් ලබාගෙන සිටියා.

සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ නායක ජේසන් සංඝා නොදැවී ලකුණු 202ක් සහ ජේක් වෙදරල්ඩ් ලකුණු 183 ලබා ගත්තා.

පන්දු යැවීමේදී නිෂාන් පීරිස් කඩුලු 2ක් බිඳ හෙලුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *