කෝල්ට්ස්,CCC, පොලිස්, ටැමිල් යුනියන් අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය සංවි­ධාන කරන අන්තර් සමාජ පළමු පෙළ එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් පූර්ව වටයේ ස්ථාන වෙන් කර ගැනී­මට පොලී­ස්, ටැමිල් යූනි­යන්, සීසීසී සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ සමත්වුණා.

දැන් අවධානය ඉකුත්දා පැවති මෙම තරගාවලියේ තරග කිහිපයෙක් වෙත.

කෝල්ට්ස් පිලට ලකුණු 36ක ජයක්

අන්තර් සමාජ පළමු පෙළ එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ තවත් තරගයක් ඉකුත්දා පැවැත්වුණේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අතරයි.

මෙම තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායාට අනුව ලකුණු 36ක ජයක් වාර්තා කිරීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සමත්වුණා.

කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කෝල්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 40දී කඩුලු 8ක් දැවී ලකුණු 226ක් රැස් කළා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 76ක් රැස් කළ අතර සංගීත් කුරේ ලකුණු 52යි.

ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායාට අනුව ලකුණු 233ක ඉලක්කයක් හඹා ගිය බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම නියමිත පන්දුවාර 40දී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 196ක් පමණයි.

——
ධනංජය සී සී සී කණ්ඩායම දිනවයි

අන්තර් සමාජ පළමු පෙළ එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ තවත් තරගයක් කොළඹ සී සී සී ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ සී සී සී කණ්ඩායම සහ නුගේගොඩ ක්‍රීඩා සමාජය අතරයි.

මෙම තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කළේ සී සී සී ක්‍රීඩා සමජයයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් නුගේගොඩ ක්‍රීඩා සමාජය නියමිත පන්දුවාර 36දී කඩුලු 5ක් දැවී ලකුණු 228ක් රැස් කිරීමට සමත්වුණා.

එම ඉලක්කය හඹාගිය සී සී සී ක්‍රීඩා සමාජය පන්දුවාර 33යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළා.

සී සී සී කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය නායක ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 130ක් රැස් කළ අතර ඔහුගේ ඉනිම හයේ පහර 7කින් සහ හතරේ පහර 9කින් වර්ණවත් වුණා.

—————
පොලිස් ක්‍රීඩා සමාජයට කඩුලු 7ක ජයක්

අන්තර් සමාජ පළමු පෙළ එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ තවත් තරගයක් කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේදි පැවැත්වුණේ පොලිස් ක්‍රීඩා සමාජය සහ ටැමිල් යුනියන් කණ්ඩායම අතරයි.

මෙම තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායාට අනුව කඩුලු 7කින් ජය ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත්වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පොලිස් ක්‍රිඩා සමාජය පන්දුවාර 37ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 144ක් රැස් කළා.

පන්දුයැවීමේදී තරිඳු රත්නායක ලකුණු 34කට කඩුලු 4ක් සහ විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත්තා

ලකුණු 145ක ඉලක්කයක් හඹාගිය ටැමිල් යුනියන් කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්වුණා.

මෙහිදී සිනෙත් ජයවර්ධන ලකුණු 87ක් රැස් කිරිමට සමත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *