ස්පාඤ්ඤය නේෂන්ස් ලීග් අවසන් තරගයට සුදුසුකම් ලබයි

යුරෝපානු නේෂන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ස්පාඤ්ඤය සමත්වුණා.

ඒ අනුව එළඹෙන සඳුදා නේෂන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය පෘතුගාලය සහ ස්පාඤ්ඤය අතර පැවැත්වීමට නියමිතයි.

යුරෝපානු නේෂන්ස් ලීග් පාපන්දු තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ජර්මනියේදී පැවැත්වුණේ ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතරයි.

ක්‍රීඩාංගණයට රැස්ව සිටින දහසක් ක්‍රීඩාලෝලින්ගේ ඔල්වරසන් මධ යේ තරගයේ 22 වැනි මිනිත්තුවේදීම ක්‍රියාත්මක වූ ස්පාඤ්ඤයේ නිකෝ විලියම්ස් පළමු ගෝලය වාර්තා කළා.

ඉන් මිනිත්තු 3ක් යාමට මත්තෙන් ස්පාඤ්ඤය වෙනුවෙන් දෙවන ගෝලයත් වාර්තා කිරීමට මිකෙල් මරයිනෝ සමත්වුණේ ප්‍රංශ ක්‍රීඩකයන්ට දැඩි පීඩනයක් එල්ල කරමින්.

ඒ අනුව තරගයේ පළමු අර්ධය ගෝල 2 ට 0ක් ලෙස ස්පාඤ්ඤයට පෙරමුණ හිමිකර දෙමින් අවසන් වූ අතර තරගයේ දෙවන අර්ධයේදීද ස්පාඤ්ඤයට වැඩි වාසි අත්කර දෙමින් 54 වැනි මිනිත්තුවේදී දඩුවම්පහර අවස්ථාවක් හිමිවුණා.

එම අවස්ථාව සාර්ථක කරගැනීමට ලැමීන් යමාල් සමත්වුණේ ස්පඤ්ඤයට තවත් ගෝලයක් එක්කර දෙමින්.

57 වැනි මිනිත්තුවේදී ස්පාඤ්ඤය වෙනුවෙන් සිව්වන ගෝලයත් නිකා විලියම්ස් වාර්තා කළේ ප්‍රංශ ක්‍රීඩකයන් තරග නරඹන්නන් බවට පත්කරමින්.

තරගයේ ජය ප්‍රංශයෙන් ගිලිහි යද්දි ලෙහෙසියෙන් පරාජය වැළද ගැනීමට අකමැතිවූ ප්‍රංශ නායක ම්බාපේ තමන්ට ලැබුණු දඩුවම් පහර අවස්ථාව සාර්ථක කරගනිමින් ප්‍රංශය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා.

එම ගෝලයෙන් පසු තරගය නිමාවීමට පෙර ගෝල 3ක් වාර්තා කිරීමට ප්‍රංශය සමත්වුණේ තරගයේ තියුණු බව වැඩිකරමින්.

නමුත් තරගයේ අවසන් වනවිට ලකුණු පුවරුව ගෝල 5ට 4ක් ලෙස සටහන්වීම නිසා තරගයේ ජයහිමිකරගත් ස්පාඤ්ඤය යුරෝපානු නේෂන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තා.

මෙම තරගය වාර්තා අතරට එක්වන්නේ මෙම තරඟ ඉතිහාසයේ වැඩිම ලකුණු ලබාගත් තරඟය ලෙසයි.

නේෂන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය පෘතුගාලය සහ ස්පාඤ්ඤය අතර පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *