යුරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ තෙවැනි අදියරේ පළමු තරගය පිළිබඳ ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් තැබූ බලාපොරාත්තු අද බිඳවැටුණා.
ඒ ඔහුගේ ෆෝමියුලා රථය අනතුරට ලක්වීම හේතුවෙන්.
යුරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ අදියර දෙකක් නිමා වන විට පෙරමුණේ පසුවෙමින් යෙවාන් ඩේවිඩ් ජර්මනියේ අද පැවති තෙවන අදියරේ පළමු තරගයට එක් වුණා.
වට 18කින් සමන්විත මෙම තරගයේ පළමු වටය අවසන් වන විට යෙවාන් ඩේවිඩ් පසුවුණේ පළමු තිදෙනා අතරයි.
දෙවන වටයේ ඉදිරියට ඇදෙන අතරතුර යෙවාන් ඩේවිඩ්ගේ ෆෝමියුලා රථයේ ඉදිරිපස රෝදයක් ඉදිරියෙන් ධාවනය වූ ෆෝමියුලා රථයක ගැටීමත් සමග යෙවාන්ට තරගය පිළිබඳ තැබූ බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවුණා.
සිය ෆෝමියුලා රථය සුදුසු තත්වයේ නොමැති බව හැඟීමත් සමග යෙවාන් තෙවන අදිරේ පළමු තරගය අතරතුර ධාවන පථයෙන් ඉවත්වුණා.
මෙම අදියරේ පළමු ස්ථානය දකුණු කොරියානු ධාවකයා ජය ගත්තත් යුරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ යෙවාන් ඩේවිඩ්.
