වසර 6කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උලෙළක් | VIDEO

ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික සම්මාන උලෙළ ජුනි 9 වැනිදා උත්කර්ෂවත් ලෙස කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

දිගු නිහැඩියාවකින් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උලෙළක් මෙලෙස පැවැත්වෙන්නේ වසර 6කට පසුවයි.

ගත වූ 2024 වසරේදී දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙහි කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගැයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ව වසර 6කට පසු ක්‍රිකට් සම්මාන උලෙළක් සංවිධාන කිරීමට පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උලෙල ජුනි මස 9 වැනිදා කොළඹදී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

ක්‍රිකට් සම්මාන උලෙලේ නිල අනුගහකයා හඳුන්වාදීම වෙනුවෙන් ඊයේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ අතර ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, අනුග්‍රහකයින්, ටෙස්ට් නායක ධනංජය ද සිල්වා, සීමිත පන්දුවාර නායක චරිත් අසලංක සහ කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුද එක්ව සිටියා.

මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උලෙළේදී 2024 වසරේ ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරග රටාවලදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සම්මාන පිරිනැමෙන අතර තෙඅංශයෙන්ම වසරේ නැගීඑන පිතිකරුවා, දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දු යවන්නා සහ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා යන සම්මානද පිරිනැමෙනු ඇති.

ඊට අමතරව වඩාත්ම ආකර්ෂණීය සම්මාන ද්විත්යක් වන වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සහ වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාවන යන සම්මානද මෙම සම්මාන උළෙපේ ප්‍රමුඛතම සම්මානයන් අතරට ඇතුළත්ව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *