මිය ගිය 11 දෙනාට RCB වෙතින් ඉන්දීය රු. ලක්ෂ 10 බැගින්

වසර 18කට පසු මංගල IPL කිරුළ දිනු රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමේ ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් පැවැති උත්සවයකදී පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සිය ශෝකය පල කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී පංජාබ් කිංග්ස් කණ්ඩායම පරාජය කරමින් සිය මංගල අයි පී එල් ශූරතාව හිමිකරගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම පසුගියදා සමත්වුණා.

ඒ වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක්  චින්නස්වාමි ක්‍රීඩාංගනයේදී ඊයේ පස්වරුවේ සූදානම් කර තිබු අතර ඊට සහභාගීවීම සඳහා ලක්ෂ දෙකකට වැඩි ක්‍රීඩාලෝලීන් පිරිසක් ක්‍රීඩාංගනයෙන් පිටතට එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එහිදි සිදුවු තෙරපීමකින්  පුද්ගලයින් 11 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් 33 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මේ අතර මෙම ක්‍රීඩාංගණයේ ධාරිතාව තිස්පන්දහසක් පමන වන බවත් සැමරුම් උත්සවය සඳහා ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටිමෙන් මෙම අවසනාවන්ත සිද්ධිය සිදුවු බව කර්නාටක ප්‍රාන්තයේ මහා ඇමතිවරයා සඳහන් කරනවා.

මෙම සිද්ධියෙන් පසු රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් සඳහන් කළේ ජයග්‍රහි ” RCB කණ්ඩායමේ පැමිණීම අපේක්ෂාවෙන් බැංගලුරු නගරය පුරා එක් රොක්වූ ජනතාව මුහුණදුන් ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් තමන් බලවත් සවේගයට පත්වූ බවයි.

මිය පුද්ගලයින් 11 දෙනාට ඉන්දීය රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදිමට RCB කණ්ඩායම තීරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *