ශ්‍රී ලංකා පිලට නව ජවයක් | VIDEO

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ශක්ති ජනක පාන සහකරු හඳුන්වාදීම සඳහා කොළඹදී ඉකුත්දා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබූ අතර මෙය පැවැත්වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත සහ අනුග්‍රහකයින් මෙන්ම ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා, සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුද එක් වුණා.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා පැවසුවේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණු සඳහා නවීන තාක්ෂණය උපරිමයෙන් යොදා ගැනීමට ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *