ඔලිම්පික් කමිටුවේ සභාපති සුබ්‍රමනියම් තනි ගේමක VIDEO

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා විසින් කැඳ වූ විශේෂ මහා සභා රැස්වීමක් ඉකුත්දා ඝණ පූරණය නොමැති වීමෙන් අත්හිටුවිමට සිදු වුණා.

මේ සඳහා සහභාගි වූ ක්‍රීඩා සංගම් ප්‍රධානීන් ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයාට මෙහිදී දැක් වූයේ දැඩි විරෝධයක්.

ජාතික ඔලිම්පික් කමිටුවේ මතුව ඇති අර්බුධකාරී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශේෂ මහා සභා රැස්වීමක් එහි සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා විසින් කැඳවා තිබුණා.

කෙසේ වෙතත් ඝණ පූරණය නොමැතිවීම හේතුවෙන් එම විශේෂ මහා සභා රැස්වීම අත්හිටුවීමටයි සිදුවුණේ.

මෙම විශේෂ මහා සභා රැස්වීමට පැමිණි ක්‍රීඩා සංගම් නියෝජිතයින් ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයාගේ ක්‍රියා පිළිවෙතට දැඩි විරෝධයක් එල්ල කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *