IPL තරග ඉතිහාසයේ ඉන්දීය පිතිකරුවෙකු ඉනිමක රැස් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාාබාද් කණ්ඩායමේ අභිෂේක් ෂර්මා ඊයේ සමත්වුණා.
ඒ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 55කදී ලකුණු 141ක් රැස් කරමින්.
හයිද්‍රාබාද් හිදි පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු6ක් ලකුණු 245ක් රැස් කිරීමට සමත්වුණා.
නායක ශ්‍රේයස් අයියර් ලකුණු 82ක් රැස් කළ අතර සිය මංගල අයි පී එල් තරගයට ක්‍රිඩා කළ එෂාන් මාලිංග සිය කැඳවීමට සාධාරණයක් ඉටු කරමින් ලකුණු 45කට කඩුලු දෙකක් දවා ගත්තා.
ලකුණු 246ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගල පළමු කඩුල්ලට ලකුණු 171ක සබඳාවක් ගොඩනගමින් සිය කණ්ඩායමට ජය මාවත විවර කළා.
ට්‍රැවිස් හෙඩ් ලකුණු 66ක් රැස් කළ අතර සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ අභිෂේක් ෂර්මා පන්දු 55කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 141ක්.
අභිෂේක්ගේ මෙම සුපිරි ඉනිම වාර්තා අතරට එක්වුණේ IPL තරගයකදී ඉන්දීය පිතිකරුවෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවක ලෙසයි.
ඒ අනුව ලකුණු 246ක ඉලක්කය සන්රයිසස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී පසුකර යාමට සමත්වුණා.
මෙය වාර්තා අතරට එක්වුණේ අයි පී එල් පිටියේදී හඹාගොස් ජය ගත් දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
