ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දසුන් ශානකව කැඳවා තිබෙනවා.
ඒ එම කණ්ඩායමේ ක්‍රීඩාකළ ග්ලේන් පිලිප් තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වීම නිසයි.
ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙවර තරගවාරය සඳහා පැවති ක්‍රීඩක වෙන්දේසීයේදී දසුන් ශානකව මිලදී ගැනීමට කණ්ඩායම් ඉදිරිපත් වුණේ නැහැ.
තරගාවලියේ තරග 33ක් අවසන් වනතුරු දසුන් ශානක කණ්ඩායමට නිල වශයෙන් නම් නොකෙරුනු අතර ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය අද වාර්තා කරන්නේ දසුන් මීලග තරග වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති බවයි.
ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කළ ග්ලනේ පිල්ප් ආබාධයකට ලක්වීම නිසා ඔහු කණ්ඩායමෙන් ඉවත්වීමත් සමඟයි.
දසුන් ශානක 2023 වසරේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කළ අතර එම තරගා වාරයේදී තරග තුනක් වෙනුවෙන් ක්‍රීඩා කළ දසුන් ලකුණු 26ක් රැස්කළා.
පන්දුවාර ක්‍රියාත්මක නොකිරීම නිසා කඩුලු දවාගැනීමට හැකිවුණේ නැහැ.
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මේවනවිට ප්‍රසාද ලකුණු සටහනේ දෙවවන ස්ථානයේ පසුවනවා.
හෙට දිනෙය්දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරගය වෙනුවෙන් දසුන් ශානක ක්‍රීඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.
