සවි ඔසවා වැඩ පෙන් වූ රන්සිළුලා දිවයිනට VIDEO

ඔස්ට්‍රේලියාවේ පැවති 2025 ආසියා -පැසිෆික් සවි එසවීමේ තරගාවලියේදී රන් පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම ඊයේ රාත්‍රීයේ දිවයිනට පැමිණියා.

ජයග්‍රාහි සවී එසවීමේ කණ්ඩායමේ ක්‍රීඩකයන් පිළිගැනීමට ඔවුන්ගේ පවුල් වල නෑදෑ හිතවතුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඕස්ට්‍රේලියාවේ පැවති 2025 ආසියා -පැසිෆික් සවි එසවීමේ තරගාවලිය සඳහා ආසියා – පැසිපික් කළාපයේ රටවල් 18 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 ක් පමණ එක්ව සිටියා.

මෙහිදි කිලෝ ග්‍රෑම් 120 බර පංතිය යටතේ තරග කළ රන්සිළු ජයතිලක, කිලෝ ග්‍රෑම් 105 බර පංතිය යටතේ තරග කළ විකුම් පෙරේරා සහ කිලෝ ග්‍රෑම් 94 කනිෂ්ඨ අංශයෙන් තරග කළ මිනුර ගිම්හාන , එම අංශ වලින් රන් පදක්කම් දිනා ගැනීමට සමත්වුණා.

මීට අමතරව කිලෝ ග්‍රෑම් 94 ජ්‍යෙෂ්ඨ අංශය යටතේ තරග කළ මිනුර ගිම්හාන එම අංශයෙන් ලෝකඩ පදක්කමක් ද දිනා ගැනීමට සමත්වුණා.

එසේම මෙම තරගාවලියට දැනට ඕස්ට්‍රේලියාවේ පදිංච් වී සිටින ශ්‍රී ලාංකික සවි එසවීමේ ක්‍රීඩක යුවළක් වන රුවන් පෝල් සහ ඔහුගේ බිරිඳ ලීඩියා පෝල් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී තිබුණි .

එහිදී වයස අවුරුදු 50 ට වැඩි කිලෝ ග්‍රෑම් 120 බර පංතිය යටතේ ජ්‍යෙෂ්ඨ අංශයෙන් තරග කළ රුවන් පෝල් සහ කිලෝ ග්‍රෑම් 100 බර පංතිය යටතේ වයස අවුරුදු 50 ට වැඩි ජ්‍යෙෂ්ඨ අංශයෙන් තරග කළ ලීඩියා පෝල් ද එම අංශ වලින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්

ජයග්‍රාහි ක්‍රීඩකයන් ඊයේ දිවයිනට පැමිණියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *