කොළඹ අසෝක විද්‍යාලය සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අතර 17 වැනි රත් රන් සටන මහා ක්‍රිකට් තරගය ජය ගැනීමට ජනාධිපති විද්‍යාලය ඊයේ සමත්වුණා.
තරගය අවසානයේදී දෙපිරිසත් අතර මෙහිදී ගැටුමක්ද හට ගත්තා.
කොළඹ අසෝක සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාල අතර 17 වැනි රත් රන් සටන මහා ක්‍රිකට් තරගය පැවැත්වුණේ කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදීයි.
සීමිත පන්දුවාර තරගයක් ලෙස පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ අසෝක විද්‍යාලය පන්දුවාර 42යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 156ක් රැස් කර ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය පන්දුවාර 40යි පන්දු 3ක් අවසානයේ කඩුලු 8ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් මෙවර 17 වැනි රත්රන් සටන ජය ගත්තා.
තරගය අවසානයේදී දෙපිරිසක් අතර ගැටුමක් ඇති වුණේ මෙලෙසින්.
තරගය ජයග්‍රහණයත් සමගම ක්‍රීඩා පිටියට පිවිසී දෙපිරිස අතර ඇතිවූ ගැටුමින් පසුව පොලිසිය එක් අයෙක් අත්අඩංගුවට ගත්තා.
ආදි ශිෂ්‍යයින් අතර ඇති වූ මෙම ගැටුම පසුව පාසල් ශිෂ්‍යයින් අතරටද පැතිරී තිබුණා.
