ශ්‍රී ලංකා A පිල අබුඩාබි යයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියට එක්වන ශ්‍රී ලංකා A කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා.

මෙවර ශ්‍රී ලංකා A කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ සදීර සමරවික්‍රමයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා A කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා.

මෙම තුන්කොන් එක්දින තරගාවලිය පැවැත්වන්නේ ශ්‍රී ලංකා, ඇෆ්ගනිස්තාන සහ අයර්ලන්ත A කණ්ඩායම් අතරයි.

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට සදීර සමරවික්‍රම නායකත්වය ලබාදෙන අතර ශ්‍රී ලංකා ඒ සංචිතයට ජාතික කණ්ඩායම නියෝජනය කළ ලහිරු උදාර, නුවනිඳු ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, මිලාන් රත්නායක, දුෂාන් හේමන්ත, ඩිල්ෂාන් මධුෂංක සහ චමිඳු වික්‍රමසිංහද ඇතුළත්.

අබුඩාබි හිදි පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා සහ අයර්ලන්ත A කණ්ඩායම් අතර අනිද්දා පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *