දසුන්ට තර්ජනාත්මක වට්ස්ඇප් පණිවුඩයක්

CHAMA SENARATH

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකුට අපහාසාත්මක වට්ස්ඇප් පණිවිඩ සහ දුරකථන ඇමතුම් ලැබී තිබෙනවා.

ඒ බදුරලිය ක්‍රිකට් සමාජයට අනියුක්තව සිටින පුද්ගලයෙකු විසින්.

ඔහු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගමන් මළු රැගෙන යනු ලබන පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

එම වට්ස්ඇප් පණිවුඩය පහතින් දක්වා ඇත.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ද පැමිණිලි කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

එම සිදුවීම පිළිබඳ ක්‍රීඩා ලෝලීන්ද සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

එලෙස හුවමාරු වූ අපහාසාත්මක වට්ස්ඇප් පණිවිඩය පහතින් දැක්වෙයි. 

මෙම පුද්ගලයා ජංගම දුරකතන රැගෙන යාම තහනම් ඩගවුඩ් කුටිය අසලටද ටී ටෙන් තරගාවලිය පැවැත්වෙන අතරවාරයේ ජංගම දුරකතනයද රැගෙන පැමිණ තිබෙනවා.

බදුරලිය ක්‍රීඩා සමාජයේ නිලධාරියෙකුද වන මොහු බැගේජ් බෝයිවරයෙකු ලෙස කටයුතු කරන්නේ ක්‍රීඩකයින්ගෙන් මුදල් ලබා ගැනීමේ අරමුණ ඇතිවයි.

මේ හේතුවෙන් බැගේජ් රැගෙන යන පුද්ගලයින්ට එම අවස්ථාව අහිමි කරමින් මෙම පුද්ගලයා ක්‍රීඩකයින්ගේ මුදල් කඩා ගැනීම සඳහා මෙම රාජාකාරිය සිදුකරන්නෙ මුදල් කෑදරකම හේතුවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *