වසර 17කට පසු දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලියක් මෙම වසරේදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ නේපාලයේ පැවැති දකුණ ආසියානු පාපන්දු සම්මේලන නියෝජිතයින්ගේ රැස්වීමකදියි.
දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් රැස්වීමක් ඊයේ නේපාලයේදී පැවැති අතර ඊට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වරා උමාර් ද සහභාගි වුණා.
එහිදී ශ්‍රී ලංකා පාපන්දු සභාපතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙම වසරේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට එකඟතාව පළ කෙරුණා.
2008 වසරෙන් පසුව දකුණු ආසියානු පාපන්දු තරගාවලිය සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර ඒ අනුවවසර 17කට පසු මෙරට පාපන්දුලෝලීන්ට දකුණු ආසියානු පාපන්දු තරගාවලියක් ශ්‍රී ලංකාවේදී නැරඹීමට අවස්ථාව උදා වී තිබෙනවා.
