ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහි වාර්ෂික සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද(15) සමත්වුණා..
48වැනි ශාන්ත තෝමස් – රාජකීය සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය අද පැවැත්වුණේ, කොළඹ SSC ක්‍රීඩාංගණයේදීයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත තෝමස් විද්‍යාලය සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 220ක් පමණි.
ලකුණු 221ක ඉලක්කයක් හඹා ගිය රාජකීය විද්‍යාලය පන්දුවාර 46යි පන්දු 4කදී කඩුලු 06ක් දැවී සිටියදී තරගය ජය ගත්තා.
තරගයේ වීරයා බවට පත්වුණේ, රාජකීය විද්‍යාලයේ හිරුන් ලියනාරච්චි.
ඒ අනුව රාජකීයයන් 24 වැනි වරටත් මස්ටෑන්ග්ස් කුසලානය දිනා ගැනීමට සමත් විය.

