අසල්වැසියාට පහරදුන් අෂේන් බණ්ඩාර – VIDEO

පිළියන්දල කොලමුන්න ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් පිළියන්දල පොලිසියි මගින් අත්අඩංගුවටගත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක අශේන් බණ්ඩාර හා තවත් පුද්ගලයෙකු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඔවුන් හෙට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අශේන් බණ්ඩාරගේ වාහනය අසල්වැසි නිවසක් අසළ මාර්ගය අවහිරවන අන්දමෙන් නවත්වා තබා ඇති බවට දෙපාර්ශ්වය අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් මෙම පහරදීම සිදුකරන අයුරු එම නිවසේ තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සඳහන් කළේ, අෂේන් බණ්ඩාර වරදක් සිදුකර ඇත්නම් ඔහුට එරෙහිව විනය පියවර ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *