2025 වසරේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් පැවසුවේ මෙම තරගාවලිය 2025 වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවක් ලෙස පැවැත්වීමට කටයුතු යොදන බවයි.
සියලු තරග කොළඹ තුරග තරග පිටියේ සහ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
තමන් පාපන්දු සම්මේලනයේ සිටින කාලය තුළ මෙරට ක්‍රීඩකයින්ට සහ පාපන්දු ලෝලීන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් රැසක් ලබාදීමට කටයුතු කරන බවද ජස්වර් උමාර් ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා පාපන්දු පිල ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට ගෙන ඒම සිය අරමුණ බවද ඔහු පැවසුවා.
1995 වසරේදී ශ්‍රී ලංකාව ආසියානු පාපන්දු ශූරතා තරගාවලියක පූර්ණ සත්කාරකත්වයක් දරා ඇති අතර 2008 වසරේදී එම තරගාවලිය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ සම සත්කාරකත්වයෙන්.
ඒ අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලියක පූර්ණ සත්කාරකත්වයක් දරන්නේ වසර 30කට පසුවයි.
