රග්බි ලෝක කුසලානයේ ලෝකඩ පදක්කම එංගලන්තයට

රංශයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා.

ඒ ලෝකඩ පදක්කම වෙනුවෙන් අද අළුයම පැවති තරගයේදී ආර්ජන්ටිනා කණ්ඩායම පරාජයට පත්කරමින්.

එංගලන්තය සහ ආර්ජන්ටිනාව අතර ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවති තරගයේ ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටි එංගලන්තය පළමු අර්ධය නිමාවන විට ලකුණු 16ට 10ක් තරගයේ පෙරමුණ ගත්තා.

නමුත් දෙවන අර්ධයේදී එංගලන්තය දැඩි අභියෝගයක් එල්ල කිරීමට ආර්ජන්ටිනාව සමත් වුණා.

75වන මිනිත්තුව දක්වාම ලකුණු 26ට 23ක් ලෙස එංගලන්තය තරගයේ පෙරමුණ ගත්තද 75වැනි මිනිත්තුවේදී ආට්ජන්ටිනාවට ලකුණු සම කිරීමට අවස්ථාවක් උදාවුණා.

කෙසේවෙතත් තරගය අවසන් වීමට මිනිත්තු 5ක් තිබියදී ආර්ජන්ටිනාවට හිමිවූ එම දඬුවම් පහර සාර්ථක කරගැනීමට නිකල්ස් සැන්චේස් අසමත් වූයේ ආර්ජන්ටිනාවේ ජයග්‍රහණයේ බලාපොරොත්තු බිඳදමමින්.

ඒ අනුව ලකුණු 26ට 23ක් ලෙස තියුණු ජයක් ලැබූ එංගලන්තය මෙවර රග්බි ලෝක කුසලානයේ ලෝකඩ පදක්කම හිමිකර ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *