අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත්වුණා.
ඒ වැලිසර පැවති තරගයේදී නාවික හමුදා කණ්ඩායම ලකුණු 23ට 20ක් ලෙස පරාජය කරමින්.
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 5 වැනි සති අන්තයේ තරගයක් නාවික හමුදා කණ්ඩායම සහ පොලිස් කණ්ඩායම අතර ඉකුත්දා වැලිසරදි පැවැත්වුණා.
තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ පළමු අර්ධය නිමා වූයේ ලකුණු 10ට 7ක් ලෙස පොලිස් ක්‍රීඩා සමාජය පෙරමුණ ගනිමින්.
දෙවන අර්ධයේද දෙපිල අතර තියුණු තරගයක් පැවති අතර එම අර්ධයේදී පොලිස් කණ්ඩායම ලකුණු 13ක් සහ නාවික හමුදා කණ්ඩායම ලකුණු 7ක් රැස් කිරීමට සමත්වුණා.
කෙසේ වෙතත් පළමු අර්ධයේදී පොලිස් කණ්ඩායම ඉදිරියෙන් පසුවීම නිසා මෙම තරගය ලකුණු 23ට 20ක් ලෙස ජය ගැනීමට පොලිස් කණ්ඩායමට හැකියාව ලැබුණා.
නාවික හමුදා කණ්ඩායම ලකුණු 20 රැස් කළේ උත්සාහක දිනුම් 3ක්, ප්‍රවර්තනයක් සහ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින්.
පොලිස් කණ්ඩායම උත්සාහක දිනුම් 3ක්, ප්‍රවර්තනයක් සහ දඬුවම් පහර 2ක් සාර්ථක කර ගනිමින් ලකුණු 23 රැස් කළා.
