ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නවතම එක්දින පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත ඊයේ නිවේදනය කළා.
ඒ අනුව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ එක්දින පන්දු යවන්නගේ ශ්‍රෙණිගත කිරීම්වල ස්ථාන 4කින් ඉදිරියට පැමිණෙමින් 3වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
මහීෂ් තීක්ෂණ මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ ඇත්තේ නිමාවූ නවසීලන්ත තරගාවලියේ තුන්වැනි එක්දින තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමත් සමඟයි.
එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රෙණිගත කිරීම්හී පළමු ස්ථානය ඇෆ්ගනිස්තානයේ රෂිඩ් ඛාන්ට සහ දෙවැනි ස්ථානය ඉන්දියාවේ කුල්දීප් යාදව්ට හිමි වී තිබෙනවා.

