රොනාල්ඩෝ ශ්‍රී ලන්කන් ගුවන් යානයකට ගොඩවෙයි – VIDEO

බ්‍රසීල කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක ක්‍රිස්ට්‍රියානෝ නසාරිඕ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් ගුවන් ගමනක් සඳහා එක්ව තිබෙනවා.

රොනාල්ඩෝ නසාරිඕ සැලකෙන්නේ බ්‍රසීලයෙන් බිහි වූ සුපිරිම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙසයි.

වසර 17ක් බ්‍රසීල ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ රොනාල්ඩෝ එම කාලසීමාවේදී පාපන්දුලොලීන්ගේ වැඩි ආකර්ෂණයක් හිමි වූ ක්‍රීඩකයෙක්.

2002 පාපන්දු ලෝක කුසලානය දිනූ බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෙකුද වූ රොනාල්ඩෝ නසාරිඕ එම තරගාවලියේදී වැඩිම ගෝලලාභියා බවට පත්වුණේ ගෝල්ඩන් බූට් සම්මානයද හිමිකර ගනිමින්.

කලක් පාපන්දු ලෝකයම මවිත කළ මේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩකයා ඉකුත්දා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයක සිය ගුවන් ගමනක් සිදු කළා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරමින් පැවසුවේ , රොනාල්ඩෝ සිය ගමන අතරතුර, යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය සමඟ සුහද කතා බහක නිරත වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *