අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ නාවික හමුදා කණ්ඩායම සමග පැවති තරගය ජය ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම ඉකුත්දා සමත්වුණා.
තරගය පැවැත්වුණේ වැලිසරදීයි.
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සිව්වැනි සති අන්තයේ තරග කිහිපයක් ඉකුත්දා පැවැත්වුණා.
ඉන් එක් තරගයක් වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ නාවික හමුදා කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අතරයි.
උණුසුම් මුහුුණුවරක් ගත් මෙම තරගය තියුණු අවසානයකින් නිමාවට පත්වුණා.
තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 19ට 12ක් ලෙස පෙරමුණ ගත්තේ ගුවන් හමුදා කණ්ඩායමයි.
දෙවන අර්ධයේදි තවත් ලකුණු 10ක් රැස් කිරීමට ගුවන් හමුදාව සමත්වුණා.
දෙවැනි අර්ධයේ දී නාවික හමුදා ක්‍රීඩකයින් වඩාත් හොඳින් තරගයට අවතීර්ණ වෙමින් තවත් ලකුණු 12ක් ලබා ගත්තේ, ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 10ක් පමණක් වාර්තා කළ අතරවාරයේ දියි.
කෙසේ වෙතත් පළමු අර්ධයේදී ගුවන් හමුදාව ඉදිරියෙන් පසුවීම නිසා නියමිත කාලය නිමාවන විට තරගය අවසන් වුණේ ලකුණු 29ට 24ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායමට ජය අත්කර දෙමින්.
ගුවන් හමුදාව උත්සාහක දිනුම් 4ක්, දඩුවම් පහරක් සහ ප්‍රවර්ථන 3ක් සාර්ථක කර ගනිමින් සිය ලකුණු 29 රැස් කළා.
නාවික හමුදාව සිය ලකුණු 24 රැස් කළේ උත්සාහක දිනුම් 4ක් සහ ප්‍රවර්තන 2ක් සාර්ථක කර ගනිමින්.
