ක්‍රීඩා ප්‍රවීණයින්ගෙන් ක්‍රීඩා අමාත්‍යංශයට කනේ පහරක්

2036 ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ඉලක්ක කර ගනිමින් වර්තමානයේ මෙරට සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගෙන ඒ සඳහා ඔවුන් සූදානම් කිරීමේ දස අවුරුදු වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් කණ්ඩායමක් විසින්.

ලොව බොහෝ රටවල් ඔලිම්පික් ක්‍රීඩා උලෙල ඉලක්ක කරමින් පදක්කම් දිනා ගැනීම වෙනුවෙන් දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීම සිදු කරනවා.

සිය ක්‍රීඩික ක්‍රීඩිකාවන් ඔලිම්පික් පදක්කම් වෙනුවෙන් බොහෝ රටවල් ඔවුන් සූදානම් කරන්නේ දස වසරකට වැඩි කාලයක් ඔවුන් රැක බලා ගනිමින් සහ ඔවුන්ට අවශ්‍ය පෝෂණයද ලබාදෙමින්.

කනගාටුවට කරුණ නම් මෙරට ක්‍රීඩා බලධාරීන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සඳහා සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කිරීමට සැරසෙන්නේ ඔලිම්පික් ක්‍රීඩා උලෙල ආරම්භයට වසර දෙක තුනකට අඩුකාලයක් තිබියදීයි.

ඔලිම්පික් පදක්කම් දිනන ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් බිහි කිරීම වසර දෙක තුනකින් සිදු කළ නොහැකි කාර්යයක්.

එවන් පසුබිමක වසරින් වසර අගාධයට යන මෙරට ක්‍රීඩාවට නව පණක් ලබාදීම සහ 2036 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකවට පදක්කම් 10ක් දිනා දීමේ අරමුණ ඇතිව මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රෙය් ප්‍රවීණයින් පිරිසක් ලයන් වෝරියර්ස් නමින් වසර 10ක දිගුකාලීන සැලසුමක් මේ වන විට ක්‍රියාවට නංවා තිබෙනවා.

වසර ගණනකාවක් කව පෙත්ත සහ යගුලිය ඉසවේ ජාතික වාර්තාවට හිමිකම් කියූ තලවොව් අලයිලීමා මෙම වැඩසටනේ නිර්මාතෘෘ වන අතර ඔහු සමග ප්‍රවීණයින් රැසක් මෙම වැඩසටහන සමගින් අත්වැල් බැඳගෙන සිටිනවා.

මෙම වැඩසටහන යටතේ වර්තමානයේ මෙරට සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකු මේ දක්වා 2036 ඔලිම්පික් උළෙල සඳහා සූදානම් කෙරෙමින් පවතින අතර ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සහ පෝෂණයද මෙම වැඩසටහන හරහා වසර 10ක් පුරා හිමිවනු ඇති.

මේ වන විට රට දිනවීමේ ඒකායන අරමුණ ඇතිව පාර්ශ්ව රැසක් මෙම වැඩසටහන සමගින් අත්වැල්බැඳගනමින් සිටිනවා.

One thought on “ක්‍රීඩා ප්‍රවීණයින්ගෙන් ක්‍රීඩා අමාත්‍යංශයට කනේ පහරක්

  1. I don’t even know how I ended up here, but I thought this post
    was great. I do not know who you are but certainly you’re going to a famous blogger if you aren’t already 😉 Cheers!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *