ICCලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඒ සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 2කින් ජය ගනිමින්.
සෙන්චූරියන් හිදි පැවැති තරගයේ සිවුවන දිනය ඊයේ අරඹන විට ලකුණු 148ක ඉලක්කයක් හඹා යන දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 27ක් ලබා සිටියා.
දිනයේ පළමු කඩුල්ල ලෙස ඒඩ්න් මාක්‍රම් ලකුණු 37කට දවා ගැනීමට මොහොමඩ් අබ්බාස් සමත් වුණා.
දකුණු අප්‍රිකාවට පහසුවෙන් ජයග්‍රාහී ඉල්කකය වෙත යාමට ඉඩ ලබාදුන් මොහොමඩ් අබ්බාස් ප්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නන් දකුණු අප්‍රිකා දෙවන ඉනිමේ මුල් කඩුලු 8 ලකුණු 99ක් තුළ දවා ගනිමින් තරගයේ වැඩි වාසි අත්කර ගෙන සිටියා.
කෙසේ වෙතත් කගිසෝ රබඩා සහ මාර්කො ජැන්සන් 9 කඩුල්ලට ලකුණු 51ක නොබිඳු සබඳතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකා කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් රැගෙන ගියා.
රබාඩා නොදැවී ලකුණු 31ක් සහ මාර්කෝ ජැන්සන් නොදැවි ලකුණු 16ක් රැස් කළ අතර පන්දුයැවීමේදි මොහොමඩ් අබ්බාස් ලකුණු 54කට කඩුලු 6ක් දවා ගත්තා.
ඒ අනුව මෙම තරගයෙන් කඩුලු 2ක තියුණු ජයක් වාර්තා කළ දකුණු අප්‍රිකාව මෙවර ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවා.
ඒ ජුනි මාසයේ පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වෙමින්.
