මෙරට ජාතික තලයට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් දායාද කළ මැණික්හින්න වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතිනවා.
අවදානම් සහිත ක්‍රීඩා පිටියක්ව තිබූ වලල ක්‍රීඩාංගණය මේ වන විට පුහුණුවීම් සඳහා සුදුසු ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩාංගණයක් බවට පරිවර්තනය කර තිබීම පැසසිය යුතුයි.
පාසල් මලල ක්‍රීඩා පිටියෙන් වසර ගණනක් පුරා මෙරට ජාතික මලල ක්‍රීඩා කණ්ඩායමට වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් දායාද කළ පාසල ලෙසයි මහනුවර මැණික්හින්න වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලය සැලකෙන්නේ.
විද්‍යාලයේ ක්‍රීඩාංගණය වඩාත් අවදානම් සහ අබලන්ම තත්වයේ පැවතියද වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම අභියෝග නොතකාෙ සිය පාසලට ජයග්‍රහණ රැසක් අත්කර දී තිබීමද කැපී පෙනෙනවා.
ඔලිම්පික් වරම් දිනූ තරුෂි කරුණාරත්න සහ ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලක්මවට හිමිකර දුන් දක්ෂ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහි වූ මෙම ක්‍රීඩා පාසලේ ක්‍රීඩාංගණය පුහුණුවීම් සිදු කළ හැකි තත්වයකට ප්‍රතිසංස්කරණ කර දෙන ලෙස අවස්ථා ගණනකාවකදී ඉල්ලීම් කර තිබුණා.
වලල ඒ රත්නායක විදුහලින් බිහිවු දක්ෂ ක්‍රීඩකාවක් වන තරුෂි කරුණාරත්න තමන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක් ගෙන ඒමෙන් පසු ඇය එවක බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ සිය පාසලට අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක් ලබාදෙන ලෙසයි.
තරුෂිගේ එම ඉල්ලීමට සවන් දුන් එවක ක්‍රීඩා බලධාරීන් 2023 මැයි මාසයේදි මීටර 200 ධාවන පථයක් සහිත ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ආරම්භ කළේ ඒ සඳහා රුපියල් මිලියන සියයක් වෙන් කරමින්.
ඒ අනුව මේ වන විට වලල ඒ රත්නායක විද්‍යාලයීය ක්‍රීඩාගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති අතර මෙහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විවේකාගාරයක්ද ස්ථාපිතයි.
පමා වී හෝ වලල ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය සඳහා බලධාරීන් ඉදිරිපත් වීම පැසසිය යුතුයි.
ජාතික තලයට මලල ක්‍රීඩා තරු දායාද කරන වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයේ මෙම ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු එය රැක ගැනීම බලධාරීන් මෙන්ම එය භාවිත කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේත් වගකීමක් බව සිහි තබා ගත යුතුයි.
