දුනිත් ඉවත් කිරීමට හේතුව හෙළි වෙයි ? VIDEO

නවසීලන්ත තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා.

ශ්‍රී ලංකා පිල මෙම තරග සංචාරයේදී එක්දින සහ 20-20 තරගාවලියකට සහභාගිවීමට නියමිතයි.

ශ්‍රී ලංකා පිල නවසීලන්ත තරග සංචාරයේදී 20-20 තරග 3කට සහ එක්දින තරග 3කට සහභාගිවීමට නියමිතව තිබෙනවා.

ඊට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති සර්ව ආගමික වතාවත්වලට සහභාගිවීමෙන් අනතුරුව කොටස් දෙකක් වශයෙන් මෙලෙස නවසීලන්තය බලා පිටත්ව ගියා.

ඒ අනුව ඊයේ රාත්‍රිෙය් මෙලෙස නවසීලන්තය බලා පිටත්ව ගියේ චරිත් අසලංක ප්‍රමුඛ ශ්‍රී ලංකා 20-20 සංචිතයේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්.

කට් – චරිත් අසලංක – ශ්‍රී ලංකා එක්දින සහ 20-20 කණ්ඩායමේ නායක

පන්දුවාර විස්සයි-20 තරගාවලියෙන් ආරම්භ වන මෙම තරගාවලියේ පළමු 20-20 තරග දෙක දෙසැම්බර් 28 සහ 30 වැනිදාත් තුන්වැනි තරගය ජනවාරි මස 2වැනිදාත් පැවැත්වෙනවා.

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග ජනවාරි 5 වැනිදාත්, දෙවන තරගය ජනවාරි 8 වැනිදා සහ තුන්වැනි සහ අවසන් එක්දින තරගය ජනවාරි 11 වැනිදාත් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතයෙන් දුනිත් වෙල්ලාලගේ ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන්ද නායක චරිත් අසලංක අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ කණ්ඩායමේ සමබරතාව වෙනුවෙන් දුනිත්ව සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *