මෙවරත් බැඩ්මින්ටන් ශූරයා විරේන් – ශූරිය රනිත්මා – VIDEO

මෙවර 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ ද්විත්ව ශූරතා දිනා ගැනීමට විරේන් නෙත්තසිංහ සහ රනිත්මා ලියනගේ ඉකුත්දා සමත්වුණා.

මෙවර ජාතික බැඩ්මින්ටන් ශූරතා තරගාවලියට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 1300කට අධිකයි.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධාන කළ 72 වන ජාතික බැඩිමින්ටන් ශුරතා තරගාවලිය ඉකුත්දා කොළඹදී නිමාවට පත්වුණා.

අවසන් තරගය හා ත්‍යාග ප්‍රදානය වෙළඳ සේවා බැඩ්මින්ටන් ගෘහස්ථ ක්‍රීඩා පිටියේදී පැවති අතර මෙවර තරගාවලියට වයස් කාණ්ඩ, විවෘත, ප්‍රවීණ යන තරග අංශ යටතේ පැවැත්වුණා.

දින 5ක් පුරා පැවති මෙවර තරගාවලියට සහභාගි වූ බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 1300කට අධිකයි.

පිරිමි කේවල අවසන් මහා තරගය සඳහා ඔලිම්පික් වරම් දිනූ විරේන් නෙත්තසිංහ සහ ෂෙනුක් සමරරත්න සුදුසුකම් ලබා තිබූ අතර, එහිදී 21-10ක් හා 21-19ක් අවසන් තරගය ජය ගනිමින් විරේන් නෙත්තසිංහ පිරිමි කේවල ශූරතාව දිනා ගත්තා.

එමෙන්ම කාන්තා කේවල අවසන් මහා තරගය සඳහා රනිත්මා ලියනගේ සහ රශ්මි මුදලිගේ සුදුසුකම් ලබා තිබූ අතර, එහිදී ලකුණු 21-10ක් හා 21-16ක් ලෙස රනිත්මා ජය හිමිකර ගනිමින් කාන්තා කේවල ශූරතාව දිනා ගැනීමට සමත්වුණා.

විරේන් නෙත්තසිංහ සහ රනිත්මා ලියනගේ මිශ්‍ර යුගල ශූරතාවද දිනා ගැනීමද මෙහිදී කැපී පෙනුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *