LANKA T10 තරගාවලිය හෙට පල්ලේකැලේදී ඇරඹෙයි

පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී හෙට පස්වරුවේ ආරම්භවනවා.

දෙස් විදෙස් ක්‍රිකට් තරු සහභාගිවන මෙවර තරගාවලියට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 6ක්.

මෙරට ක්‍රීඩාලෝලීන්ට ටී ටෙන් තරග අත්දැකීම පළමු වරට ලබාදෙන ලංකා ටී ටෙන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද පල්ලේකැලේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන මෙම තරගාවලියේ සමාරම්භක උත්සවය අද පස්වරු 2.45ට පල්ලේකැලේදි ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් 6ක් සහභාගිවන මෙවර ලංකා ටී ටෙන් සුපර් ලීග් තරගාවලිය කාණ්ඩ 6ක් යටතේ පැවැත්වෙනවා.

ඒ අනුව ඒ කාණ්ඩය යටතේ ජැෆ්නා ටයිටන්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස් සහ නුවරඑළිය කිංග්ස් යන කණ්ඩායමට තරග වදිනවා.

බී කාණ්ඩයෙන් තරග වදින්නේ කලබ්මු ජගුආර්ස්, කැන්ඩි බෝල්ට්ස් සහ ගෝල් මාවල්ස් යන කණ්ඩායම් ත්‍රිත්වයයි.

දෙස් විදෙස් ක්‍රිකට් තරු රැසක් එක්වන ලංකා ටී ටෙන් සුපර් ලීග් තරගාවලිය ජාත්‍ය්‍යන්තර ප්‍රමිතියෙන් මෙරට ක්‍රීඩාලෝලීන්ට සමීප කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ලංකා ටී ටෙන් සුපර් ලීග් තරගාවලිය අද සිට දෙසැම්බර් මස 19 වැනිද දක්වා පැවැත්වෙන අතර පැවැත්වෙන මුළු තරග සංඛ්‍යාව 25ක්.

එක් දිනකදී තරග 3ක් පැවැත්වෙන අතර තරග ආරම්භ වන්නේ පස්වරු 4 සිටයි.

අවසන් මහා තරගය දෙසැම්බර් මස 19 වැනිදා පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *