ශ්‍රී ලංකා රග්බි සංගමයේ විශේෂ මහා සභාරැස්වීමක් ලබන දෙසැම්බර් මස 20 වැනිදා වීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු තීරණය කර තිබෙනවා.
ඉකුත්දා ලබාදුන් පසු අධිකරණ නියෝගයකින් පසු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම පියවර ගත් බවයි ඌව පළාත් රග්බි සංගමයේ ලේකම් ඩෙන්සිල් ඩාලින් පැවසුවේ.
ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් ඉකුත්දා අභියාචනාධිකරණය හමුවේ සමථයට පත්කෙරුණා.
මෙම පෙත්සම ගොනුකර තිබුණේ බස්නාහිර පළාත් රග්බි සංගමයේ ලේකම් රොෂාන් ඩීන් මහතා විසින්.
අදාළ නඩුව සමථයකට පත්කිරීමෙන් පසු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු තීරණය කර ඇත්තේ දෙසැම්බර් මස 20 වැනිදා ශ්‍රී ලංකා රග්බි සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමටයි.
එදින රග්බි නිලවරණය පැවැත්වීමට අදාළ තීරණ රැසක් ගැනීමට නියමිත බවයි ඌව පළාත් රග්බි සංගමයේ ලේකම් ඩෙන්සිල් ඩාලින් පැවසුවේ.

This is really interesting, You’re a very skilled
blogger. I have joined your rss feed and look forward
to seeking more of your excellent post. Also, I have shared your web site in my social networks!