ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් තරගය පිළිබඳ ශ්‍රී ලංකාව තැබූ බලාපොරොත්තු අද බිඳවැටුණා.
ඒ දකුණු අප්‍රිකාව සමග පැවති දෙවන ටෙස්ට් තරගය ලකුණු 109කින් පරාජය වීමත් සමගයි.
පෝර්ට් එලිසබෙත්හි පැවති දෙවන ටෙස්ට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 358ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට ලකුණු 328ක් රැස් කළා.
ලකුණු 30ක වාසියක් සමගින් දෙවන ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකා කණ්ඩායම එහිදී ලකුණු 317ක් රැස් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 348ක ඉලක්කයක් ලබාදෙමින්.
අද දිනය අරඹන විට ලකුණු 348ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 205ක් ලබා සිටියත් ශ්‍රී ලංකා දෙවන ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 33ක් තුළ දවා ගනිමින් තරගය ජයගැනීමට දකුණු අප්‍රිකානුවන් සමත්වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 238කට සීමාවුණා.
මෙම ජයත් සමග තරග 2කින් සමන්විත මෙම තරගාවලිය 2ට බින්දුවක් ලෙස ජය හිමිකර ගැනිමට දකුණු අප්‍රිකාව සමත්වු අතර ඔවුන් අයි සි සී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියා.
ඒ සමග අයි සි සී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට ශ්‍රී ලංකාව තබා සිටි බලාපොරොත්තු අද බිඳවැටුණා.

I’m curious to find out what blog system you’re utilizing?
I’m having some minor security problems with my latest site and I would like
to find something more secure. Do you have any recommendations?