පාකිස්තානයේ පැවති දෘෂ්‍යාබාධිත 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදි තුන්වැනි ස්ථානය දිනූ ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ඉකුත්දා දිවයිනට පැමිණියා.
මෙවර තරගාවලියේ වීරයා සම්මාන දිනා ගත්තේ ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ දමිත් සඳරුවන්.
සිව්වැනි දෘෂ්‍යාබාධිත 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ සත්කාරකත්යෙන් පැවති අතර ඊට කණ්ඩායම් 6ක් සහභාගි වුණා.
තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනූ ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ඉකුත්දා දිවයිනට පැමිණියා.
මූලික වටයේ තරග 5කට සහභාගි වූ ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ඉන් තරග 3ක් ජය ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම ලැබුවා.
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය සමගින් තරග වැදුණු අතර එහිදි ශ්‍රී ලංකාව පරාජය කරමින් බංග්ලාදේශය අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.
ඒ අනුව මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට තුන්වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදු වුණා.
මෙවර තරගාවලියේ වීරයා ලෙස ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ දමිත් සඳරුවන් සම්මාන දිනා ගත්තා.
පැවති තරගවලදී ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුම තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමද කැපී පෙනුනා.
දිවයිනට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිලේ නායක චන්දන දේශප්‍රිය පැවසුවේ ශ්‍රී ලංකාව සහභාගි වූ තරග කිහිපයකදී විනිසුරුවන් වැරදී තීරණ රැසක් දුන් බවයි.
මෙම තත්වය ශ්‍රී ලංකා තරගවලට දැඩි බලපෑමක් එල්ල කළ බවයි ඔහු පැවසුවේ.

Excellent web site. A lot of useful info here.
I’m sending it to some friends ans also sharing in delicious.
And certainly, thank you on your effort!