වසරේ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ස්පාඤ්ඤයේ රොඩ්රික්

වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන බැලොන් ඩිඕර් සම්මානය මෙවර හිමිකර ගැනීමට ස්පාඤ්ඤයේ රොඩ්රික් ඊයේ සමත් වුණා.

රොඩ්රික් මෙම සම්මානය හිමිකරගත් පළමු අවස්ථාව මෙයයි.

ප්‍රාන්ස් ෆුට්බෝල් නම් සඟරාව 1956 වසරේ සිට වාර්ෂිකව විශිෂ්ට පාපන්දු ක්‍රිඩකයන් ඇඟයීම සඳහා මෙම සම්මාන උළෙල පවත්වනවා.

ප්‍රංශයේදී පැවති මෙම සම්මාන උලෙළ සඳහා විශිෂ්ඨ පාපන්ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැමිණියේ මේ ආකාරයෙන්

එහිදි මෙවර වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන බැලොන් ඩිඕර් සම්මානය හිමිකරගැනීමට ස්පාඤ්ඤයේ රොඩ්රික් සමත්වුණා.

රොඩ්රික් මෙම සම්මානය හිමිකරගත් පළමු අවස්ථාව මෙයවන අතර ඔහු 2024 වසරේ යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේදී මැන්චෙස්ටර් සිටි කණ්ඩායමට ශූරතාව දිනාදීමේදී දැක්වූ දක්ෂතා පාදක කරගනිමින් ඔහුට මෙම සම්මානය පිරිනැමුණා.

මෙවර බැලොන් ඩිඕර් සම්මානය වෙනුවෙන් සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ,සහ මෙසීගේ නම් නිර්දේශ වී තිබුණේ නැහැ.

මේ අතර වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකාවට හිමි සම්මානය ස්පාඤ්ඤයේ අයිතානා බෝන්මටි හිමිකරගත්තා.

ඇය මෙම සම්මානය දිනාගත් දෙවන අවස්ථාව මෙයයි.

මේ අතර වසරේ කාන්තා ක්‍රීඩා සමාජ පාපන්දු කණ්ඩායමට හිමි සම්මානය බාසිලෝනා කණ්ඩායම දිනාගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *