ශ්‍රී ලංකාවේ යෙවාන්ට ෆෝමියුලා ජයක්

17 හැවිරිදි ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් ඉතාලියේ පැවති යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8වන අදියරේ ජය හිමිකර ගැනීමට සමත්වුණා.

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයෙක් ප්‍රධාන පෙලේ F3 මෝටර් රථ ධාවන තරගාවලියකට සහභාගී වූ පළමු අවස්ථාව මෙයයි.

17 හැවිරිදි යොවුන් මෝටර් රථ ධාවන ශූරයෙක් වන ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් සිය පළමු F3 මෝටර් රථ ධාවන තරගයට ඊයේ සහභාගී වුණා.

ඒ ඉතාලියේ මොන්සා ධාවන පථයේ පැවති යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8වන අදියර සඳහායි.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ප්‍රධාන පෙලේ F3 මෝටර් රථ ධාවන තරගයකට සහභාගි වූ පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා අතරට එක්වුණා.

සිය මංගල F3 ධාවන තරගයේදී පලපුරුදු ධාවකයින් සමග මොන්සා ධාවන පථයට පිවිසි 17 හැවිරිදි යෙවාන් තරග ආරම්භයේ සිට දැක්වූ දක්ෂතා විස්තර විචාරකයින්ගේ ඇගයීමට පවාලක්වුණා.

යෙවාන් එම තරගයේදී නියෝජනය කළේ ජර්මනියේ මොටෝපාර්ක් කණ්ඩායමයි.

මොන්සා ධාවන පථයේ වට 16ක් පැවති තරගය මිනිත්තු 30යි තත්පර 13කින් නිමකල ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගයේ 8වන අදියර ජයගත්තා.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ඉතිහාසයේ ක්‍රීඩකයෙක් ලැබූ ඉහලම ජයග්‍රහණ අතරට එක්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *