අවසන් තරගයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පරාජය කරමින් මෙවර 20-20 ලෝක කුසලානයේ ශූරතාව දිනා ගැනීමට නවසීලන්ත කාන්තා පිල අද ඩුබායි පිටියේදී සමත් වුණා.
නවසීලන්තය ICC ශූරතාවක් දිනූ 4වැනි අවස්ථාව මෙය වනවා.
2000 වසරේදී නවසීලන්ත පිරිමි කණ්ඩායම ශූරයින්ගේ කුසලානය දිනා ගත් අතර නවසීලන්ත පිරිමි කණ්ඩායම 2021 වසරේදී ICC ලෝක ටෙස්ට් ශූරතාව දිනා ගැනීමට සමත් වූණා.
2000 වසරේදී නවසීලන්ත කාන්තා පිල කාන්තා ක්‍රිකට ලෝක කුසලානය දිනා ගැනීමට සමත්වුණා.
