මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර අතර 78 වැනි බ්‍රැඩ්බි කුසලාන වාර්ෂික රග්බි තරගයේ පළමු අදියරේ ජය වාර්තා කිරීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ඊයේ සමත්වුණා.
ඒ ලකුණු 17ට16ක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව තියුණු ජයක් වාර්තා කරමින්.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර බ්‍රැඩ්බි පලිහ වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගය මෙවර පැවැත්වුණේ 78 වැනි වරටයි.
එහි පළමු අදියර කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි පිටියේදී පැවැත්වුණා.
තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් අතර එහිදි දෙපිලේම ක්‍රීඩකයින් ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශයක නිරත වුණා.
තරගයේ පළමු අර්ධය නිමා වන වට ලකුණු 13ට 8ක් ලෙස ඉදිරියෙන් පසු වුණේ කොළඹ රාජකීය විද්‍යාලයයි.
කෙසේ වෙතත් දෙවන අර්ධයේදී සුපිරි ක්‍රීඩා විලාශයක නිරත වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය එම අර්ධයේදී ලකුණු 9ක් රැස් කර ගත්තා.
එම අර්ධයේදී කොළඹ රාජකීය විද්‍යාලයට ලබා ගත හැකි වූයේ ලකුණු 3ක් පමණයි.
ඒ අනුව බ්‍රැඩ්බි පලිහ වෙනුවෙන් පැවති මෙම තරගයේ පළමු අදියර ලකුණු 17ට 16ක් ලෙස තියුණු ජයක් වාර්තා කරමින් ජය ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත්වුණා.
