සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 5කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත්වුණා.
මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 236ක් රැස් කළා.
ඊට පිළිතුරු ලෙස එංගලන්තය සිය පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 358ක් රැස් කිරීමට සමත්වුණා.
ලකුණු 122ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී ලකුණු 326ක් රැස් කළේ එංගලන්ත කණ්ඩායමට ලකුණු 205ක ඉලක්කයක් ලබාදෙමින්.
සිවුවන දිනය වූ ඊයේ දිනයේදී එංගලන්තය එම ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවි පසුකර යමින් ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය ජය ගත්තා.
ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ එකට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ එංගලන්තය කණ්ඩායමයි.
