දික්වැල්ල වරද පිළිගනියි – සදහටම ක්‍රිකට් තහනම් ? VIDEO

තහනම් උත්තේජක ලබා ගත් බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අද ක්‍රීඩා විනය කමිටුව හමුවේ පෙනී සිටියා.

මෙහිදී දික්වැල්ල පැය එකහමාරකට අධික කාලයක් එම කමිටුව හමුවේ ප්‍රකාශ ලබා දී තිබෙනවා.

නිමා වූ ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ වන විට සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.

තහනම් උත්තේජක චෝදනා එල්ල වූ දික්වැල්ල ක්‍රීඩා විද්‍යායතනයේදී  ක්‍රීඩා විනය කමිටුව හමුවේ අද පෙනීසිටියේ පස්වරු 2.30ට පමණ.

ඔහු මෙහිදී කොකේන් ගත් බව ක්‍රීඩා විනය කමිටුව හමුවේ පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දික්වැල්ල විනය කමිටුව හමුවට පැමිණි අයුරු පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *