ශ්‍රී ලංකාවේදී පළමු වරට හොකී ප්‍රිමියර් ලීග් තරගාවලියක්

මෙරට වත්මන් සහ හිටපු හොකී ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන හොකී ප්‍රිමියර් ලීග් තරගාවලියක් පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබෙනවා.

ඒ වත්මන් සහ හිටපු හොකී ක්‍රීඩකයින්ගේ සංවිධාන ශක්තියෙන්.

අලුත්වැඩියා කෙරුණු ටොරින්ටන් හි කාතීම හොකී පිටියේදී පැවැත්වෙන මෙම තරගාවලිය කණ්ඩායම් අටකගේ සහභාගිත්වයෙන් පැවැත්වන අතර මෙරට හොකී ක්‍රීඩාලෝලීන් මෙහිදී ජාත්‍යන්තර තරග අත්දැකීමක් ලබාදිම සිය අරමුණ බවයි තරග සංවිධායකයින් පැවසුවේ.

දින 45ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය සැප්තැම්බර් 7 වැනිදා සිට ඔක්තෝබර් 20 වැනිදා දක්වා පැවැත්වෙන අතර එහිදී පැවැත්වෙන මුළු තරග සංඛ්‍යාව 60ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *