එංගලන්ත ද හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඕවල් ඉන්වින්සිබල් කණ්ඩායම සමත්වුණා.
ඒ අවසන් මහා තරගයේදී සදර්න් බ්‍රේව් කණ්ඩායම ලකුණු 17කින් පරාජය කරමින්.
එංගලන්ත ද හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඓතිහාසික ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ සදර්න් බ්‍රේව් කණ්ඩායම සහ ඕවල් ඉන්වින්සිබල් කණ්ඩායම අතරයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕවල් ඉන්වින්සිබල් කණ්ඩායම නියමිත පන්දුවාර 100 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 147ක් රැස් කළා.
විල් ජැක්ස් ලකුණු 37ක් රැස් කළ අතර සෑම් කරන් සහ ජෝඩ්න් කොස් ලකුණු 25 බැගින් රැස් කිරීමට සමත්වුණා.
ලකුණු 148ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සදර්න් බ්‍රේව් කණ්ඩායමට නියමිත පන්දුවාර 100දී කඩුලු 7ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 130ක් පමණයි.
ඇලෙක්ස් ඩේවිස් ලකුණු 35ක් සහ නායක ජේම්ස් වින්ස් ලකුණු 25ක් රැස් කළ අතර පන්දුයැවීමේදී සකීබ් මහමුද් කඩුලු 3ක් සහ ඇඩම් සැම්පා කඩුලු 2ක් දවා ගනිමින් සිය කණ්ඩායමට ජය මාවත විවර කළා.
ඒ අනුව මෙම තරගයේ ලකුණු 15ක ජයක් වාර්තා කළ ඕවල් ඉන්වින්සිබල් කණ්ඩායම පළමු වරට ද හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව පළමුවරට තමන් සතු කර ගත්තා.
