RED CARD දුන් විනිසුරුට ගහන්න පැනපු මාතර පාසල් ක්‍රීඩකයා – VIDEO

මාතර රාහුල විද්‍යාලය හා මාතර ශාන්ත තෝමස් විද්‍යාලයන් අතර පැවති රන්දද කුසලාන පාපන්දු තරගයේ ශූරතාව දිනා ගැනීමට මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සමත්වුණා.

ඒ එම තරගය ගෝල 1ට බින්දුවක් ලෙස ජය හිමිකර ගනිමින්.

මාතර රාහුල විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විද්‍යාලයන් අතර රන්දද කුසලාන පාපන්දු තරගය පැවැත්වුණේ මාතර උයන්වත්ත පාපන්දු ක්‍රීඩාංගණයේදියි.

20 වැනි වරට පවත්වනු ලැබු මෙවර තරගයේ සත්කාරකත්වය දැරුවේ මාතර සාන්ත තෝමස් විද්‍යාලයයි.

සාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුන් වන මනෝ උපදේශක සුගීෂ්වර සිරිමාන්න හා ආසියානු යොවුන් පාපන්දු තරගාවලියේදී සදහා ශ්‍රී ලංකාව නියෝජනය කල රජිත් මිල්රෝයි, බ්‍රයන් වීරප්පුලි යන මහත්වරුන් තරගයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස එක්වුණා.

මාතර රාහුල විද්‍යාලයේ විදුහල්පති සමිත කුරුකුලසූරිය සහ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති දයාශාන්ත ලියනගේ මහත්ම මහත්මීන්ගේ උපදෙස් පරිදි පවත්වනු ලැබු මෙවර තරගයේදි රාහුල විද්‍යාලයට හේවාගමගේ අමිරු ඉන්දිස විසින් නායකත්වය ලබාදුන් අතර ශාන්ත තෝමස් විද්‍යාලයට ටී. ඩබ්ලිව්. සදෙව් රශ්මිත නායකත්වය ලබා දුන්නා.

තරගයේ පලමු අර්ධයේදි ශාන්ත තෝමස් විද්‍යාලයේ සෙනුර ගෙහාන් ගෝලයක් වාර්තා කළ අතර ඒ අනුව පළමු අර්දය නිමා වුණේ ගෝල 1ට බින්දුවක් ලෙස ශාන්ත තෝමස් විද්‍යාලය පෙරමුණ ගනිමින්.

දෙවන අර්ධයේදී දෙපිලටම ගෝල වාර්තා කිරීමට නොහැකි වූ අතර ඒ අනුව මෙම තරගය ගෝල 1ට බින්දුවක් ලෙස ජය හිමිකර ගැනීමට මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සමත්වුණා.

මෙම තරගයේ අවස්ථාවකදී විනිසුරුවෙකු විසින් ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩකයෙකුට රතුකාඩ් පතක් ලබාදුන් අතර ඊට උරණ වූ එම ක්‍රීඩකයා තරගය අතරතුර එම විනිසුරුවරයාට පහරදීමට උත්සහ කළා.

අනතුරුව තරගය අවසන් වීමෙන් පසු රතු කාඩ් පත ලබාදුන් ක්‍රීඩකයා විනිසුරුවරයාට වේගයෙන් දිව ඇවිත් පහරදීමට උත්සහ කළ අතර අසල සිටි පිරිස් එක්ව එය ව්‍යර්ථ කළා.

මෙම පාසල් පාපන්දු ක්‍රීඩාවට සහ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට එක් වු කළු පැල්ලමක් ලෙසයි හැඳින්විය හැකියි.

තරගයේ හොඳම දැල් රකින්නා ලෙස ශාන්ත තෝමස් එම් ඒ දුලාංජල විමුක්ති සම්මාන දිනා ගත් අතර තරගයේ දක්ෂතම ප්‍රහාරකයාට හිමි සම්මානය දිනා ගත්තේ ශාන්ත තෝමස් විද්‍යාලයේ සෙනුර ගෙහාන් අබේස්කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *