දික්වැල්ලට යළිත් බකට් එකක්

තහනම් උත්තේජක ලබාගත් බවට එල්ල වී ඇති චෝදනා හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට සියලු ආකාරයේ ක්‍රිකට් තහනම් පැන වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් අද නිවේදනය කළා.

ඔහු මෙලෙස තහනම් උත්තේජක ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇත්තේ නිමා මූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර සිදු කළ සාම්පල පරීක්ෂාවකදියි.

ඔහු මෙවර ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේදී ගෝල් මාවල්ස් කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළා.

දික්වැල්ලට එල්ල වූ චෝදනාව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් විනය කමිටුව හ මුවේ විභාග කෙරෙන අතර ඒ් අනුව නිරෝෂන් දික්වැල්ලට පැන වූ තාවකාලික තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මකයි.

එමෙන්ම නැවත දැනුම් දෙන තුරු එම තහනමද වලංගු වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *