පාසල් රග්බි කිරුළ මෙවරත් පීතරයන්

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව අඛණ්ඩව දෙවන වරටත් දිනා ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය අද සමත්වුණා.

ඒ කොළඹ ඉසිපතන විද්‍යාලය ලකුණු 6ට 3ක් ලෙස පරාජය කරමින්.

මෙවර අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරයින් තෝරන මෙම තරගය කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදි පැවැත්වුණේ අපරාජිත ශාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතරයි.

පළමු අර්ධයේදී දඩුවම් පහරක් සාර්ථක කර ගත් බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය ලකුණු 3ට 0ක් ලෙස පෙරමුණ ගනිමින් පළමු අර්ධය නිමා කළා.

වර්ෂාව මධ්‍යයේ පැවති මෙම තරගයේ දෙවන අර්ධයේදී දඩුවම් පහර බැගින් සාර්ථක කර ගැනීමට දෙපිලම සමත්වුණා.

ඒ අනුව මෙම තරගය ලකුණු 6ට 3ක් ලෙස ජය ගත් අපරාජිත බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය මෙවර අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාව අඛණ්ඩව දෙවන වරටත් තමන් සතුකර ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *