ඉන්දුනීසියාවේ පැවති ආසියානු කායවර්ධන හා ෆිසික්ස් ශූරතා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට මිනුෂ ප්‍රේමසිරි සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට මධුෂි අමරසිංහ සමත්වුණා.
ජයග්‍රහණ ලැබූ මධුෂි අමරසිංහ සහ මධුමාලි නිසංසලා ඉකුත්දා දිවයිනට පැමිණියා.
56 වැනි ආසියානු කායවර්ධන හා ෆිසික්ස් තරගාවලිය ඉකුත්දා ඉන්දුනීසියාවේදී නිමාවට පත්වූ අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මිනුෂ ප්‍රේමසිරි, මධුෂි අමරසිංහ සහ මධුමාලි නිසංසලා සහභාගි වුණා.
මෙම තරගාවලියේ උස සෙන්ටිමීටර් 180ට වැඩි කාණ්ඩයෙන් තරග වැදුණු මිනුෂ ප්‍රේමසිරි රන් පදක්කම දිනා ගත් අතර ඔහු මේ වන විට ඩුබායි හි කායවර්ධන පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරනවා.
කාන්තා ෆිසික්ස් තරග ඉසව්වට එක් වූ මධුෂි අමරසිංහ උස සෙන්ටිමීටර 165ට වැඩි කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වුණා.
සෙන්ටිමීටර් 170ට වැඩි මොඩල් ෆිසික්ස් තරගයේ සිව්වන ස්ථානය දිනා ගැනීමට මධුමාලි නිසංසලා සමත් වූ අතර ජයග්‍රහණ ලැබූ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉකුත්දා දිවයිනට පැමිණියා.

