පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ තවත් පෙරලිකාර දිනයක් සටහන් කරමින් පිරිමි මීටර 100 සහාය දිවීමේ තරග ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමට කැනඩාව සමත්වුණා.
ඒ ගියවර ඔලිම්පික් ශූරයන් මෙන්ම, වත්මන් ලෝක ශූරයන් වන අමෙරිකාව අභිබවා යමින් වීම විශේෂත්වයක්.
මලල ක්‍රීඩා ඉසව් අතරින් වැඩිම අවධානයක් දිනාගත් පිරිමි මීටර 100 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම අමෙරිකාව පහසුවෙන් හිමිකරගනු ඇතැයි බොහෝ අනාවැකි පළ කළා.
නමුත් සියලු දෙනා මවිතයට පත්කරමින් තත්පර 37යි දශම 5යි බින්දුවකින් ඉසව්ව අවසන් කළ කැනඩාව එම තරගයේ රන් පදක්කම හිමි කරගත්තා.
කැනඩාව මීටර 100 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම හිමිකරගන්නේ වසර 28කට පසුව වීම විශේෂත්වයක්.
තරගයේ රන් පදක්කම හිමිකරගනු ඇතැයි සියලු දෙනා බලාපොරොත්තු වූ අමෙරිකා කණ්ඩායමේ
පළමු යෂ්ඨි හුවමාරුව නීත්‍යානුකූල නොවීම හේතුවෙන් ඔවුන්ගේ තරග ප්‍රථිපලය ද අහෝසි කෙරුණා.
