පීතර විද්‍යාලයට සුපිරි රග්බි ජයක් – VEDIO

අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ හයවැනි සති අන්තයේ තරග ආරම්භ කරමින් එක් තරගයක් හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ කොළඹ රාජකීය සහ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය අතරයි.

තරඟ අර්ධයේදී ලකුණු දොළහට හතක් ලෙස ශාන්ත ජෝසප් විද්‍යාලය ඉදිරියෙන් පසු වුණා.

තරගයේ නියමිත කාලය නිමා වන විට ලකුණු 28ට 19ක් ලෙස තරගය ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත්වුණා.

රාජකීය විද්‍යාලයේ ලකුණු විසි අට ලබා ගත්තේ උත්සාහක දිනුම් හතරක් ප්‍රවර්තන හතරක් සමඟින්.

ශාන්ත ජෝසප් විද්‍යාලය උත්සහාක දිනුම් 3ක් සහ ප්‍රවර්ධන දෙකක් සමගින් ලකුණු 19 රැස් කළා.


මේ අතර අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ තවත් තරගයක් බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහ මරදාන සහිරා විද්‍යාලය අතර පැවැත්වුණේ බම්බලපිටිය ශාන්ත පීතර විදාලයීය ක්‍රීඩාගංණයේදීයි.

මෙම තරගය ලකුණු 62ට 8ක් ලෙස පහසුවෙන් ජය ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමත්වුණා.

ශාන්ත පීතර විද්‍යාලය ලකුණු 62 ලබා ගත්තේ. උත්සාහක දිනුම් 10ක් සහ ප්‍රවර්තන 6ක් සමගින්.


මේ අතර අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ තවත් තරගයක් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය පල්ලේකැලේ පිහිටි ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි පිටියේදී පැවැත්වුණා.

තරග අර්ධයේදී ලකුණු 22කට 7ක් ලෙස ඉදිරියෙන් පසුවුණේ ත්‍රිත්ව විද්‍යාලයයි.

දෙවන අර්ධයේදී උත්සාහක දිනුම් දෙකක් ලබාගත් ත්‍රිත්ව ක්‍රීඩකයින් 32කට 19ක් ලෙස තරගය ජය ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *